Friday 24th of April 2026

English Tamil
Advertiesment


බලය අත හැරීමට මුගාබේ පොරොන්දු වෙයි


2017-11-20 14871

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට ජනතාවගෙන් නැගී එන විරෝධය හමුවේ සති කිහිපයක් පමණක් එම ධුරයේ රැදී සිටින බවට සිබාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා දිවුරා පොරොන්දු වී තිබේ.

සජීවී රුපවාහිනි වැඩ සටහනකට එක්වෙමින් මේ බව පැවසූ රොබට් මුගාබේ මහතා මේ අවුරුද්දේ දෙසැම්බරයේ පැවැත්වෙන පාලක කොංග්‍රස් පක්ෂයේ මුලසුන තමා  දරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

කලාපීය පාලක පක්ෂයේ ප්‍රධානියා විසින් මීට කලින්ම ඔහු පක්ෂ නායකත්වයෙන්  නෙරපා දමනු ලැබූ අතර ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා රොබට් මුගාබේට පැය විසි හතරක කාලයක් ලබා දී තිබිණ.

මේ අර්බුදය ආරම්භ වූයේ අනූ නම හැවිරිදි රොබට් මුගාබේ මීට සති දෙකකට පෙර ඔහුගේ දෙවනිය වූ Emmerson Mnangagwa ධුරයෙන් පහ කර ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේ නම් කිරීමට දැරූ උත්සාහය හේතුවෙන් වන අතර ඒ සමගම හමුදාව උරණ විය.   

Advertiesment